“සබ්බ දානං ධම්ම දානං ජිනාති”


“සබ්බ දානං ධම්ම දානං ජිනාති”


අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය – ත්‍රිපිටකය

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රීසද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැතිප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන්වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය – ත්‍රිපිටක

    පන්සිය පනස් ජාතක පොත්වහන්සේ
සූත්‍ර පිටකයට අයත් වන ජාතක කතා ගණනින් පන්සිය පනහකටආසන්න වෙයි. බුදුරදුන්ගේ පූර්ව ජන්ම සංඛ්‍යාත බෝධිසත්ත්ව කතා ජාතක නාමයෙන්ප්‍රකටය. ශ්‍රී මුක පාලිය ලෙස සැලකෙන ගාථා දේශනා කීපයක් අරභයා එක් එක්ජාතක කතාවක් ගෙතී ඇත. එම දේශනා ජාතක පාලි නැමති කෘතියෙහි ලා අන්තර්ගතය.උක්ත පාලි ගාථාවකට අටුවා සැපයීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාලි ජාතකට්ඨකතාවප්‍රභවය වී ඇත. ඒ වනාහී අනුරාධපුර මහා විහාරයෙහි දී කෙරුණු අමරණීයකෘතියකි. දඹදෙණි යුගයේදී වීරසිංහ ප්‍රතිරාජ නැමති මන්ත්‍රීශ්වරයාගේ නියමයපරිදි ජාතකට්ඨකතාව සිංහලයට නගන ලදී. මෙය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නමින් ප්‍රසිද්ධය.

Savanata Sisilasa 24 Hours Live Buddhist Radio

බුදුසරණ බෞද්ධ පුවත්පත 

No comments:

Post a Comment