Sunday, December 9, 2012

පරිසරය


පරිසරය

1.පැළෑටි හා ගස්වැල් (plants,trees and creepers)
අතීතයේ අපේ මුතුන් මිත්තන් හා සමීප පරිසරයේ ගස්වැල් අතර සමීප සබඳතාවයක් පැවතුණි. ඒ සබඳතාවය දැන් පිරිහී ගොස් ය. එසේ පිරිහීයාම පිළිබඳව කම්පා වීම පමණක් නොසෑහේ. එම සබඳතාවය නැවත ඇති කර ගැනීම සඳහා යොමු වීම යුගයේ කාර්යභාරය වනු ඇත.

එසේ සබඳතා ඇති කර ගැනීමේ දී අපට කළ හැකි දේවල් :-
  • අපේ පරිසරයේ ඇති වටිනා පැළෑටි හා ගස්වැල් හඳුනා ගැනීම.
  • ඒවා රැක ගනීමට හා වැවීමට යොමු වීම.
  • ඖෂධීය වටිනාකමක් ඇති පැළෑටි හා ගස්වැල් වලින් යුත් පරිසරයක් ගොඩනැගීමට දායක වීම.
  • තමන්ට ද,අනුන්ට ද සුවදායි ජීවිතයක් ගත කිරීම සහා හදා වඩා ගන්නා රැකබලා ගන්නා පරිසරයක් දායාද කිරීම.
පැළෑටි වල වැඩීම සඳහා විවිධ සාධක බලපාන ආකාරය සොයා බලමු.
  • පැළෑටියක් නිසි ලෙස වැඩීමට නම් අවශ්‍ය සියලුම සාධක හොඳින් ලැබුනොත් පමණයි.
ක්‍රියාකාරකම (1)
     සමාන පැළ දෙකක් සමා පොහොර පස් සහිත භාජන 2 ක සිටුවා දෙකටම සමාන ලෙස යිරු එළිය ලැබෙන්න සලස්වන්න. එක් භාජනයකට වතුර දමා අනෙක් භාජනයට වතුර නොදමා සිටින්න.දින කීපයක් යන විට, ජලය නොලැබුණු පැළය මැළවී යයි.  

ජලය  නොලැබුණු පැළය මැළවී යයි.
ජලය  ලැබුණු පැළය හොඳින් වැඩේ.                                                                                



*එයින් පෙනී යනනේ පැළයක වර්ධනයට ජලය අවශ්‍ය බව යි.

ක්‍රියාකාරකම (2)

සමාන පැළ දෙකක් සමා පොහොර පස් සහිත භාජන 2 ක සිටුවා දෙකටම සමාන ලෙස යිරු එළිය ලැබෙන්න සලස්වන්න. එක් පැළයකට හොඳින් හිරු එළිය ලැබෙන ලෙසත්  අනෙක් පැළයට හිරු එළිය නොලැබෙන ලෙසත් සිටින්න.දින කීපයක් යන විට හිරු එළිය ලැබුණු පැළය හොඳින් වැඩේ.
හිරු එළිය   ලැබුණු පැළය හොඳින් වැඩේ      හිරු එළිය   නොලැබුණු පැළය මැළවී යයි


*එයින් පෙනී යනනේ පැළයක වර්ධනයට ජලය අවශ්‍ය බව යි.

ක්‍රියාකාරකම (2)

සමාන පැළ දෙකක් සමාන පොහොර පස් සහිත භාජන 2 ක සිටුවා ගෙන දෙකටම සමාන ලෙස හිරු එළිය ලැබෙන්න ඉඩ තබන්න. එක් පැළයකට හොඳින් හිරු එළිය ලැබෙන ලෙස  අනෙක් පැළයට හිරු එළිය නොලැබෙන ලෙස තබන්න.දින කීපයක් ගිය විට හිරු එළිය ලැබුණු පැළය හොඳින් සරුවට වැඩෙයි ‍.
                                                         

ජලය  නොලැබුණු පැළය මැළවී යයි                                                                               ජලය  ලැබුණු පැළය සරුවට වැඩේ.  


ක්‍රියාකාරකම (3)

සමාන පැළ දෙකක් ගෙන එක් පැළයක් සරු පසක තබා අනෙක් පැළය නිසරු පසකත් සිටුවා දෙකටම සමාන ලෙස ජලය,පොහොර,හිරු එළිය ලැබීමට ඉඩ දෙන්න.
     සරු පසේ සිට වූ පැළය සරුවට වැඩෙයි. නිසරු පසේ සිට වූ පැළය (කේඬැරි) දුර්වල වී යනවා. 
එයින් පෙනෙන්නේ යන්නේ පැළයක වර්ධනයට සරු පසක් අවශ්‍ය බව.

 



ක්‍රියාකාරකම (4)

භාජන 2ක් ‍ගෙන එක් භාජනයක පැළ සමූහයක් ද අනෙක් භාජනයේ එක් පැළයක්ද සිටුවා අනෙක් සෑම සාධකයක්ම හොඳින් ලැබෙන්නට සලස්වන්න.

 එක් පැළයක් පමණක් සිට වූ භාජනයේ පැළය හොඳින් වැඩේ.පැළ සමූහයක් ඇති භාජනයේ පැළ අක්‍රමවත්ව නිසරු ලෙස වැඩී ඇත.

එයින් පෙනී යන්නේ පැළයක වැඩීමට එක් පැළයක් අවශ්‍ය බව.

ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගනිමු.
  • මල්                 
  • ගෙඩි                
  • දල්ල
  • කොළ
  • කඳ
  • මුදුන් මුල
  • කුඩා මුල්     


No comments:

Post a Comment