Saturday, December 1, 2012

මුල් පිටුව



මේ බුදු හාමුදුරුවෝ දෑසින් දකින්න නම් ධර්මය දැනගන්න ම වෙනවා. අපි උත්සාහ කරමු.

යහළු යෙහෙළියනි,
 අපි ඉපදුන දවසේ ඉඳලා එකෙඑක දේවල් වලට හරිම ආසයි...චොකලට් වර්ග, එතකොට අයිස්ක්‍රීම් වර්ග තව එකඑක පාට යොදපු රසකැවිලි වර්ග... අපේ ගෙදර අම්මා හදන කෑමවලට වඩා අපි සමහර වෙලාවට නෙවෙයි බොහෝ වෙලාවට ඒවගේ කෑම වර්ගවලට ආසයි...
 අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි..ඇයි මේ කෑම වර්ග ඉල්ලන ඉල්ලන වෙලාවට අපිට ලබාදෙන්නෙ නැත්තෙ කියන එක...හිතෙන තරමට ඒවා ලබාගන්න බැරි ඇයි කියන එක ...කොයිතරම් නම් සෙල්ලම් බඩු..බෝනික්කො  කඩවල තියෙනවාද? නේ ද? මේ හැමදේම අපිට ඇයි ලබාගන්න බැරි? හිතෙන හිතෙන දේවල් අපිට ලැබෙන් නැත්තේ ඇයි? හරිම දුකයි නේද? ඒ මදිවට ගන්න දේවල් ටික දවසක් ගියාම එපා වෙනවා...නැත්තම් කැඩිලා යනවා.
 හැබැයි මේවා අම්මලා තාත්තල අරන් දෙන්නැති නිසා එයාලත් එක්ක අපි තරහත් වෙනවා නේද? ඒවගේ දේවල් අරන් දෙන නැන්දලා මාමලා , අයියලා අක්කලා කොච්චර හොඳ ද කියලත් හිතෙනවා නේද? 
දැනට ඇති!
අපි පොඩි වීඩියෝ එකක් බලලා ඉමු ද? හැබැයි හොඳ යාළුවෝ වගේ මේක ඉවර වෙනකම්ම බලලා ඉමු...

එහෙනම් මම යනවා...නැවතත් හමුවෙමු.. සියලු දෙනාට ම සම්මා සම්බුදු සරණයි...!




                                                       පන්සිල් සමාදන්වීම
නමස්කාරපාඨය
 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. 
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. 
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


බුද්ධං සරණං ගච්ඡාමි. 
ධම්මං සරණං ගච්ඡාමි. 
සංඝං සරණං ගච්ඡාමි.


දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.


තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.                                            

පන්සිල්.

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජඣපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.


බුදුන් වැදීම.
ඉතිපි ‍සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ.
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ‍ලෝකවිදූ.
අනුත්තරෝ පුරිසදම්ම සාරතී සත්ථා දේව මනුස්සානං.
බුද්ධෝ භගවාතී

දහම් වැදීම.


ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ .
අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ .
පච්චන්තං වේදි තබ්බෝ විඤඤූහීතී.

සඟුන් වැඳීම.

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ .
උජුපටින්නෝ භගවතෝ සාවකසංඝෝ.
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ.
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ.
යදිදං චත්තාරි පුරිස යුගානි,අට්ඨපුරිස පුග්ගලා,ඒස භගවතෝ සාවකසංඝෝ.
ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ,දක්ඛිණෙය්‍යෝ,අඤ්ජලිකරණීයෝ.
අනුත්තරං පුඤ්ඤ්කෙඛත්තං ලෝකස්සාතී.
                           
                                     සාදූ...! සාදූ.....!!සාදූ..!! .


2 comments:

  1. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
    කුඩා ළමයින් වන අපගේ අනාගතය කොහොම වේවි ද කියලා අපිට හිතන්න අමාරුයි. එහෙත් ඒ සඳහා බුද්ධ ධර්මයෙන් අපේ ජීවිතවලට ලැබෙන ආලෝකය හරිම වටිනවා. ඒ නිසා මම මෙහි පැමිණෙන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ වටිනා උපදෙසක් හෝ අදහසක් මෙහි තබායන ලෙස යි.

    ReplyDelete
  2. මම රුවන් .....මමත් ඔය වගේ බ්ලොග් එකක් කරගෙන යනවා... www.amasisila.blogspot.com... මමත් කැමතියි ඔයාලගේ අදහස් , පොස්ට් මගේ බ්ලොග් එකටත් දෙනවනම් ..

    ReplyDelete